Wednesday, May 8, 2024

General line - 0115112241

“වළං පිඟන් හෝදන්න එක්කෙනයි අනිත් වැඩට එක්කෙනයි“ බිරිය සිරකර අනියම් බිරිය ගෙදරට ගෙනා සැමියාට වුණ දේ…



එක්තරා පුද්ගලයකු සිය නීත්‍යනුකූල බිරිය කාමරයක සිරකර, අනියම් බිරිය නිවසට ගෙන්වාගෙන කලක් තිස්සේ පවත්වාගෙන ගිය අනියම් අැසුරක් ගැන නාඋල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ නිත්‍යානුකූල බිරිය විසින් නාඋල පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුවයි

පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ සිය සැමියා කලක් තිස්සේ අනියම් කාන්තාවක් සමඟ ඇසුරක් පවත්වන බවත්, නිවෙසේ දිනපතා කටයුතු සාමාන්‍ය පරිදි තමන් ඉටු කරන බවත් සහ අනියම් කාන්තාව නිවෙසට පැමිණි පසු තමා නිවෙසේ කාමරයට දමා අගුලු දමා අනියම් කාන්තාව සමඟ සැමියා ගතකරන බවත්ය.

දිගු කලක් තිස්සේ සිදුවන මේ ක්‍රියාව නිසා තමන් ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති බැවින් ඊට විසඳුමක් ලබාදෙන ලෙසයි පැමිණිළිකාරිය ඉල්ලා ඇත්තේ.

පසුව සැමියා සහ බිරිය පොලිසියට කැඳවා අවවාද කර ඇති අතර එහිදී බිරිය සඳහන් කර ඇත්තේ ‘මම ඉන්නේ ගෙදර වළං පිඟන් හෝදන්න විතරයි. මේ මනුස්සයා අනෙක් වැඩ කරගන්නේ හොර ගෑනිගෙන්’ කියාය.