Wednesday, May 8, 2024

General line - 0115112241

පොලීසියට ගැහුවේ අපියි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙන්න – ‘ආවා ගැන්ග්ස්ටර්ස්ලා‘ යාපනය පුරා අත්පත්‍රිකා බෙදාහරිති



යාපනය චුන්නාක්කම් ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පසුගිය (23) සවස 2.45ට පමණ කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් පහරදී තිබුණා.

පහරදුන් පිරිස පැමිණ ඇත්තේ යතුරු පැදිවලින් බවටයි තොරතුරු අනාවරණය වුණේ

කෙසේ වෙතත් මෙම පහරදීම සම්බන්ධයෙන් ‘ආවා’ නමින් හඳුන්වන කණ්ඩායමක් මේ වන විට වගකීම බාරගෙන තිබෙන බව වාර්තා වනවා.

ඔවුන් ඒ බව දැක්වෙන අත්පත්‍රිකා යාපනය දිස්ත්‍රික්කය පුරා බෙදාහැර තිබෙන බවයි වාර්තාවන්නේ.

එමෙන්ම ඉදිරියේදී ද මෙවන් ක්‍රියා අපේක්ෂා කරන්නැයිද එහි සඳහන්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

ඔවුන් බෙදාහැර ඇති බව කියන අත් පත්‍රිකාවන්හි ඡායාරූප පහතින්..

128

main33