Sunday, April 28, 2024

General line - 0115112241

රසල් ආනල්ඩ්ගෙන් සනත් ජයසූරියට පුස් කේක් (PHOTOS)



හිටපු තුන්ඉරියව් ක්‍රීඩක,වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන රසල් ආනල්ඩ්ගේ උපන්දිනය පෙරේදාට (24) යෙදී තිබුණා.

ආන්ල්ඩ්ගේ උපන්දිනයට බොහෝ දෙනා සුභ පතා තිබුණු රංගන හේරත්,ඇලන් විල්කින්ස් ඇතුළු ක්‍රිඩකයින් මෙන්ම විස්තර ප්‍රචාරකයින්ද ඒ අතර වුණා.

කෙසේ වෙතත් මෙම සුභ පැතුම් පණිවුඩ අතරින් එක් සුභ පැතුම් පණිවුඩයක් පිළිබඳ බොහෝ දෙනා අවධානය යොමුකොට තිබුණේ එහි තිබූ හාස්‍යජනක ස්වරූපය නිසාවෙනි.

එම පණිවුඩය නිකුත්කර තිබුණේ සනත් ජයසූරියයි.

එහි දැක්වුනේ සුභ උපන්දිනයක් රසල් ආනල්ඩ් ‘කේක් දීපං‘ යනුවෙනි.

එයට පිළිතුරු ලෙස රසල් ආනල්ඩ්ද සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කර තිබුණා.

‘දෙන්නම් පුස් කේක් සනත් ස්තූතියි‘ ලෙස එම පණිවුඩයේ සටහන්වී තිබුණා.

345456765

66667777