Thursday, May 2, 2024

General line - 0115112241

අමුතු වැඩකට! එක රැයකට! සංජේ දත් ලබන සතියේ ලංකාවට!



සුපිරි බොලිවුඩ් නළුවෙකු වන සංජේ දත් ලබන සෙනසුරාදා (16) ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. ඒ කොල්ලුපිටියේ පිහිටි ප්‍ර‍කට කැසිනෝ සමාජ ශාලාවකින් ලද ආරාධනයකට අනුව බවයි පැවසෙන්නෙ.

මෙහිදී මෙරට අතිමහත් සංජේ දත් ලෝලීන්ට ඔහු දැකගන්නට ලැබෙනුයේ නැත. ඔහු පැමිණෙන්නේ කැසිනෝහලෙහි සිටිනා සූදු කෙලින්නන්ගේ ආශ්වාදය පිණිසය. සංජේට ඇත්තේ රෑ පහන්වනතෙක් සූදු කෙලින්නන්ට, විනෝදවන්නට කැසිනෝහලට එන තැනැත්තන් සමග නර්තනයේ යෙදීමය.

ඒ කටයුත්ත අවසන්වූ වහාම ඔහු නැවත පිටව යනු ඇත.