Thursday, May 2, 2024

General line - 0115112241

තරුණයන්ට අවස්ථාව දෙන්න විශ්‍රාම යන දේශපාලඥයා



වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමෙන් පසු තමන් දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් සමග පැවැත්වූ විශේෂ සංවාදයකදීයි. එම සංවාදයේදී චමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් දැක්වූවා

මන්ත්‍රීතුමා රාවයක් පැතිරයනවා ඔබතුමාගේ සූදානමක් තිබෙන බවට දේශපාලනයෙන් විශාම ගන්න. මේ කතාව ඇත්තද ?

“දේශපාලනයේ ටිකක් හිටියම ඇති තරුණයන්ට අවස්ථාව දෙන්න ඕනේ. තරුණයින්ගේ අදහස් රටකට අවශ්‍යයි ඒ හින්දා ඔවුන්ට අවස්ථාව දෙන්න ඕනේ. මේක මහජනයා දීපු අවස්ථාවක්නේ වයසට ගියාම ඕවා කොහොමද කරන්නේ”.

ඔබතුමාගේ පවුලේ කිහිපදෙනෙක්ම දේශපාලනයේ යෙදෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඔවුන්ගෙන් කෙනෙක්. ඇතැම් අය යෝජනා කරනවා දැන් ඔහු විශ්‍රාම යා යුතුයි කියලා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා තවමත් දේශපාලනයේ යෙදී සිටිනවා. ඔබ විශ්‍රාම යන්න තීරණය කරද්දි ඔබේ සහෝදරයාගේ මේ තීරණය ගැන ඔබේ අදහස කුමක්ද?

“මට අනිත් අයගේ දේවල් ගැන කියන්න බැහැ. මම සාමාන්‍යයෙන් හිතන්නේ , කතාකරන්නේ මං ගැන විතරයි. අනිත් අය ගැන කතාකරන්නේ නැහැ”.