Tuesday, May 7, 2024

General line - 0115112241

මට්ටක්කුලියේ 4දෙනෙකු එලොව යැව්වේ ‘මහසෝනාගේ හා රීරි යකාගේ ගිනි අවියෙන්‘



මට්ටක්කුලිය සමිත්පුර ප‍්‍රදේශයේ ඉකුත් දා සිදුවූ සිව් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ කුප‍්‍රකට පාතාල කි‍්‍රයාකාරිකයෙකු වන ප‍්‍රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන් ඇතුළු 11 දෙනෙකු මෙම අපරාධය සම්බන්ධයෙන් රත්නපුරයේදී අත්අඩංගුවට ගැනුණු බවයි.

ටී 56 ගිනිඅවියක් අපරාධය සඳහා යොදාගෙන ඇතැයි සැක කෙරෙනවා.

දැනගන්නට ලැබෙන පරිදි කලක පටන් මෙම කුඩු රෝෂාන් නැමැත්තා මහසෝනා හා රීරි යකා යන යක්ෂයින් අදහනු ලබනවා.

මෙම අපරාධය සිදුවීමට දින තුනකට පෙර ඊට යොදාගත් ගිනි අවිය ‘පේ‘ කිරීම සඳහා කඩවත ප්‍රදේශයේ දේවලයක තැන්පත් කොට තිබෙනවා.

ආපාරධය සිදුවූ දින මෙම දේවලයේ කපුවා යැයි සැලකෙන පුද්ගලයාගේ බෑනෙකු විසින් ‘පේ‘ කරන ලද ගිනි අවිය රෝෂාන් නැමැත්තාට බාරදී තිබෙනවා.

අනතුරුව අපාරාධය කළ පසු නැවත ගොස් තිබෙන්නේද දේවාලයටයි.

ඒ අපරාධය සිදුකළ ගිනි අවිය ‘මහසෝනා හා රීරි යකා යන යක්ෂයින්‘ වෙත පූජා කිරීමටයි.

පසුව අවමංගල්‍යයකට යන බව පවසා ඔවුන් එතැනින් පිටව ගොස් තිබෙනවා.

අදාළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 3 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්ණ කිරීම සිදුවන බව පොලීසය පවසනවා.