Friday, May 17, 2024

General line - 0115112241

අභ්‍යවකාශයට පමණක් පෙනෙන “සහරා කාන්තාරයේ ඇස” ඡායාරූපයට හසුවේ (PHOTOS )



“සහරාවේ ඇස” යන නමින් හැඳින්වෙන සුවිශේෂ භූ සලකුණක් මේ මිහි මත තිබෙනවා.

සහරාවේ ඇස යන පදයෙන් කියැවෙන පරිද්දෙන්ම එකී විශේෂිත භූ සලකුණ තිබෙන්නේ සහරා කාන්තාරය තුළයි.

මොරිටානියා රාජ්‍යයේ මධ්‍යම පෙදෙසට වන්නට ඇති අවුඩනේ (Ouadane) නැමැති කුඩා නගරයට ආසන්නව පිහිටි මෙම භූ සලකුණ කිලෝමීටර 40ක පමණ විශ්කම්භයක් යුතු අඩු වැඩි වශයෙන් වෘත්තාකාර හැඩයක් ගන්නා එකක් බවයි පැවසෙන්නේ.

මේ භූ සලකුණ වඩාත් හොඳින් දැකගත හැකිවන්නේ අභ්‍යවකාශයේදී පමණක් වන අතර රීචැට් ව්‍යුහය වඩාත් හොඳින් දන්නෝ සහ දකින්නෝ අභ්‍යවකාශගාමීන්ය.

සහරාවේ ඇස චන්ද්‍රිකා ආධාරයෙන් විස්තරාත්මකව ඡායාරූපයට නැඟීම පසු කලෙක සිදුවූ අතර එසේ ලබාගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන ආකාරයට සහරාවේ ඇස ඉතා අලංකාරය.

එය, නිල් සහ සුදු පැහැ ගැන්වුණු පාෂාණවලින් බහුල ලෙස නිර්මිත ව්‍යුහයක් හැටියටත් හඳුන්වා දෙන අතර දුඹුරු සහ කොළ පැහැයන් ඉතා කලාත්මක ආකාරයකට නිල් සහ සුදු පැහැයන් අතරට මුසුව තිබෙනවා.

චන්ද්‍රිකා ආධාරයෙන් ලබාගත් එහි ඡායාරූප පහතින් දැක්වෙනවා.

sce-07-10-ti-12-bnj sce-07-10-ti-15-bnj