Sunday, September 22, 2024

General line - 0115112241

ටිරාන් අලස් බන්ධනාගාර රෝහලට (UPDATE)




රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණය ඊයේ (02) නියෝග කළේ ටිරාන් අලස් හිටපු මන්ත‍්‍රීවරයා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එ් අනුව ඊයේ පස්වරුවේ ඔහු කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය වෙත රැගෙන ආවා. පසුව ටිරාන් අලස් හිටපු මන්තී‍්‍රවරයා වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර ඇති අතර ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත්තේ වෛද්‍යවරයාගේ නිර්දේශය අනුවයි.


ටිරාන් අලස් රිමාන්ඩ්

(Nov 2, 2016 @ 13:20)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතැලු තිදෙනෙකු ලබන 10දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහඅධිකරණය අද (02) නියෝග කළා.

ඒ 2006 වසරේදී රාඩා ආයතනයට උතුරු නැගෙනහිර ප්‍රදේශවල නිවාස ඉදිරිකීමට ලබා දුන් රුපියල් මිලිනය 200කට ආසන්න මුදලක් එම ව්‍යාපෘතිය සඳහා යොදා නොගෙන සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබුණා