Sunday, September 22, 2024

General line - 0115112241

යහපාලනය සැබෑවක්නම් උතුරට හමුදාව එපා




රට තුළ යහපාලනය පවතින්නේ නම් උතුරු පළාතෙන් ආරක්ෂක හමුදා ඉවත් කළ යුතු බව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ වර්තමානය වනවිට උතුරු පළාතේ සාමකාමී තත්වයක් ස්ථාපිත වී ඇති බවයි. එම නිසා උතුරු පළාත තුළ තවදුරටත් ආරක්ෂක හමුදා රඳවා තැබීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග පැවත් වූ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

උතුරු පළාත තුළ මේ වනවිට ලක්ෂයකට ආසන්න හමුදා සාමාජිකයින් පිරිසක් රැඳි සිටිනවා. එය කිසිසේත් අවශ්‍ය කරුණක් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. යුද්ධය නිමා වී මේ වනවිට වසර 7 ක් ගත වී තිබෙනවා. එහෙත් ජනතාවගේ ගැටළුවලට නිසි විසඳුම් ලැබී නොමැති බවයි උතුරු පළාත් මහ ඇමතිවරයා පෙන්වා දෙන්නේ. උතුරු පළාතේ සිටින යුද හමුදා සාමාජිකයින් ඉවත් කිරීමට රජයේ අවධානය යොමු කරන්නැයි ද මහ ඇමතිවරයා යුරෝපා සංගමයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.