Sunday, September 22, 2024

General line - 0115112241

සිව් වැනි යොවුන් පාර්ලිමේන්තුව සූදානම් වෙයි




සිව් වැනි යොවුන් පාර්ලිමේන්තුව සඳහා ඡන්ද නාම ලේඛන සකස් කිරීම මේ වන විට අවසන් කර ඇති බව ජාතික තරුණ සේවා සභාව පවසනවා.

එය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සකස් කර ඇති අතර එම ලේඛණ පරික්ෂා කර ඡන්ද නාම ලේඛණවලට තමන්ගේ නම ඇද්දැයි සොයා බැලීමේ අවස්ථාව යෞවන සමාජ සාමාජික සාමාජිකාවන්ට ලබා දී ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්දික වැලිඅංගේ පැවසුවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට අනුයුක්ත තරුණ සේවා නිලධාරීන් සදුදා හෝ බදාදා දිනයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැදී සිටින බැවින් තම නමත් එම ලේඛණයට ඇතුලත්ව ඇද්දැයි පරික්ෂා කර බැලීමේ අවස්ථාව ඇති බවත් සඳහන්.

තෙවන යොවුන් පාර්ලිමේන්තුවේ අවසන් සැසිය නොවැම්බර් මස 05 සහ 06 යන දිනයන්හි මහරගම තරුණ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති යොවුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙයි.

ඉන් අනතුරුව සිව් වැනි යොවුන් පාර්ලිමේන්තුව සඳහා නාම යෝජනා කැඳවීමේ දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.