Friday, May 17, 2024

General line - 0115112241

“මම දේශපාලනයට කැමැතියි” -දේශපාලන පිම්ම ගැන මාලිංගගෙන් හෙළිදරව්වක්



ලසිත් මාලිංග පහුගිය දවසක රන්ජන් රාමනායක මහතා හමුවීමත් සමග ඔහු දේශපාලනයට පැමිණෙන බවට වාර්තා පළ වුණා.

ඒ පිළිබඳව තොරතුරු පුවත්පත් සාකච්ඡාවක් අතරතුර දී ඔහු විසින් හෙළිකර තිබෙනවා.

එම හෙළිදරව්ව පහතින් දැක්වෙනවා.

ක්‍රීඩාවට සමුදී දේශපාලනයට සම්බන්ධ වෙන බවක් කියවෙනවා.?

හරි පුදුමයි. මට වඩා මා ගැන දන්නෙ මේ රටේ සමහර පිරිස්‌ වීම. මම දේශපාලනයට කැමැතියි.ඒත් මට දේශපාලනය ගැන පරිණත දැනුමක්‌ නෑ. ඉතින් මම කොහොමද දේශපාලකයෙක්‌ වෙන්නෙ. ඉදිරිය ගැන කියන්න බෑ.

දේශපාලනයට හෝ කලාවට ආරාධනා ලැබෙනවද?

කලාවට ගොඩක්‌ ආරාධනා ලැබිල තියෙනවා. දේශපාලනයට ආරාධනා ලැබිල නෑ.

ආරාධනාවක්‌ ලැබුණොත්?

ඒ ගැන හිතන්නෙ එදාට.