Sunday, September 22, 2024

General line - 0115112241

උතුර නොසන්සුන් කරන ‘ආවා’ කල්ලියේ රහසක් ඇමති එළියට දායි




උතුරේ ක්‍රියාත්මක වන බව කියන “ආවා” නමැති කල්ලිය පසුගිය කාලයේ හිටපු ආරක්ෂක ලේකම්ගේ අනුදැනුම මත ගොඩනඟන ලද මැර කල්ලියක් බව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඒ පුද්ගලයින් අද දවසේද ක්‍රියාත්මක වන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අවශ්‍යතා අනුව බවත් එය ගොඩනැඟුව හමුදා නිලධාරියාව තමන් දන්නා බවත් අමාත්‍යවරයා කියා සිටියා.

අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළා.

ඒ කාලයේ ක්‍රියාත්මකවූ වෙනත් ද්‍රවිඩ කල්ලි මර්දනය කිරීමේ අරමුණෙන් මෙවන් කණ්ඩායම් බිහිකරන්නට ඇති නමුත් ඒවා අදට අවශ්‍ය නැති බව අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් වත්මන් ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම සංවිධානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ගොඩනැඟී ඇත්තේ ද්‍රවිඩ චිත්‍රපට බැලීමෙන් බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර තිබීම සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීයෙකු විසින් ප්‍රශ්න කළ අවස්ථාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, මැර කල්ලි සෑදීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගේ දැනුම ඒ ආකාරයෙන් විය හැකි බවයි යනුවෙනි.

(අදාළ හඬපටය පහතින් අහන්න)