Sunday, September 22, 2024

General line - 0115112241

අපරාධයක වගකීම දැරීමේ වයස වෙනස් කරයි




අපරාධයක වගකීම දැරීමේ අවම වයස අවුරුදු 08 සිට 12 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

වයස අවුරුදු 12 ට වැඩි එහෙත් 14 ට අඩු ළමයින් සඳහා අපරාධයක වගකීම පැවරීමේ අභිමතය මහේස්ත‍්‍රාත්වරයාට ලබා දීමට ද යෝජිතයි.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව වන අවුරුදු 08 යන්න ඉතා ළාබාල වයස් සීමාවක් වන බව මනෝවෛද්‍යවරුන්ගේ සහ අදාළ ක්ෂේත්‍රවල විශේෂඥවරුන්ගේ මතය වනවා.

ඒ අනුව වයස අවුරුදු 12 ට අඩු ළමයෙකු විසින් වරදක් සිදු කරනු ලැබූ විට එම වරද සඳහා අදාළ ළමයාට දඩුවම් නොකළ යුතු බවට සහ වයස අවුරුදු 12ට වැඩි එහෙත් අවුරුදු 14ට අඩු ළමයෙකු සම්බන්ධයෙන් නම් චෝදනා කර ඇති වරද සිදු කිරීම සඳහා ප්‍රමාණවත් චේතනාවක් ඇති කර ගැනීමට තරම් මේරූ බුද්ධියක් අදාළ ළමයාට ඇතැයි යන්න මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය වේ නම් පමණක් අදාළ වරද සඳහා දඩුවම් පැමිණවීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කරමින් සකස් කරනුලැබ ඇති දණ්ඩ නීති සංග්‍රාහය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉදිරිපිත් කළ යෝජනාව මෙලෙස අනුමත කර තිබෙනවා.