Friday, October 18, 2024

General line - 0115112241

නව නායක රංගන ඇතුළු පිරිස ගැන මැතිව්ස් තැබූ සටහන




රංගන හේරත් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ (2) වාර්තා කරන ටෙස්ට් කි‍්‍රකට් ජයග‍්‍රහණයට නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් සුබ පැතුම් එක්කර තිබෙනවා.

සිය ට්විටර් ගිනුමේ සටහන් තබමින් මැතිව්ස් පවසන්නේ අත්දැකිම් අඩු වුවත් නවක කී‍්‍රඩකයින් තනි තනිව දැක් වූ දක්ෂතා විශිෂ්ඨ බවයි.

රංගන හේරත් සහ නවක කී‍්‍රඩකයින් තරගය අවසානය තෙක් තරග කර ලබා ගත් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් බවයි මැතිව්ස් පවසන්නේ.

මෙම ජයග‍්‍රහණය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් රංගන හේරත් සදහන් කළේ තමන්ට මෙම තරගය අභියෝගයක් හා අත්දැකීම් බහුල එකක් වූ බවයි.

නවකයන්ගේ කැපවීම හා දක්ෂතා මත මෙම තරගය ජය ගැනීමට හැකි බවද රංගන හේරත් සිය ට්විටර් ගිනුමේ සටහන් තබමින් සදහන් කළා.