Sunday, September 22, 2024

General line - 0115112241

දෙවන තරගයට දින තුනයි – රංගන හේරත් වාර්තා පොතට




ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළැඹෙන 06වන දා හරාරේ පිටියේදී ආරම්භ වීමට නියමිතයි.

ඊයේ (02) නිමාවූ පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ රංගන හේරත් තමන් මෙහෙයවූ පළමු ටෙස්ට් තරගය ජයගත් පළමු ශ්‍රී ලංකා නායකයා බවට පත්ව තිබෙනවා.

එමෙන්ම පන්දු යවන්නෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්ව ඇත්තේ වසර 33කින් පසුවයි.