Sunday, September 22, 2024

General line - 0115112241

අමරදේවයන්ගේ අවසන් කටයුතු සැළසුම වෙනස් වේ – දේහය රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයට




ඩබ්ලිව්.ඩී. අමරදේව මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සෙනසුරාදා (5) පස්වරු 6 ට සිදු කරන බව ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් මහතා පවසනවා.

වෛද්‍ය විද්‍යාලයට දේහය බාරදීමට මීට පෙර ගත් තීරණය ඒ අනුව වෙනස් කර තිබෙනවා.

අමරදේව මහතාගේ දේහය හෙට (4) උදෑසන 9 ට කොළඹ ජයරත්න මල් ශාලාවේ සිට පෙරහරින් කොළඹ ටොරින්ටන් පෙදෙසේ නිදහස් චතුරස්‍රයට රැගෙන යාමට නියමිතයි.