Sunday, September 22, 2024

General line - 0115112241

ශ්‍රී පාදය රැකගැන්මට මහනුවරින් පා ගමනක් (PHOTOS)




ශ්‍රී පාදස්ථානය රැකගැනීමේ අරමුණින් අද පා ගමනක් ආරම්භ වුණා.

ඒ, මහනුවර ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිටින්. සිංහලේ ජාතික බලමුළුව විසින් මෙම පා ගමන සංවිධාන කර තිඛෙනවා.

එහි ලේකම් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමියන් කියා සිටියේ ශ්‍රී පාද රක්ෂිතය මායිමේ සංචාරක හෝටලයක් ඉදිරිකිරීමේ සැලසුම වහාම නතර කළ යුතු බවයි.

තාවකාලික පිළියම් ප්‍රමාණවත් නොවන බව ද උන්වහන්සේ අවධාරණය කළා.

ශ්‍රී පාද රක්ෂිතය මායිමේ ඉදිකිරීමට යන සංචාරයක හෝටලයක් පිළිබඳ නෙත් නිවුස් ඉකුත් දා අනාවරණ කළා.

ශ්‍රී පාදය රැකගැනීම වෙනුවෙන් නව කථීකාවක් ආරම්භ වූයේ ඒ සමගයි.

unnamed-1 unnamed-2 unnamed