Sunday, September 22, 2024

General line - 0115112241

ලංකාව ඩිජිටල්කරණය වන හැටි අගමැති හොංකොංහිදී ලොවටම කියයි




අනාගත සමාජීය හා ආර්ථීක අභියෝගයන්ට මුහුණදීම උදෙසා ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය සදහා පියවර ගනිිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාත පවසනවා.

නිදහස් වයිෆයි කලාප පිහිටුවීම, සරසවි සිසුන්ට ලැප්ටොප් මිළදී ගැනීම සදහා සහන පදනම මත ණය ලබාදීම සහ උසස් පෙළ සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීම වැනි නවමු ප්‍රයත්නයන් ගණනාවක් දැනටමත් ආරම්භ කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ.

හොංකොංහිදී අද ආරම්භ වූ 15 වන ජර්මානු ව්‍යාපාර සදහා වූ ආසියා ශාන්තිකර සමුළුවේ සමාරම්භක උළලේ විශේෂ සැසියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජර්මනියේ සහ ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රමුඛ නීති සම්පාදකයන්, විද්වතුන් ව්‍යවසායකයන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සමුළුව ආරම්භ වුණා.

මේ අතර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සහ ජර්මනියේ නියෝජ්‍ය චාන්සලර් සිග්මා ගේබි්‍රයල් අතර හමුවක්ද අද සිදුවුණා. එහිදී අදහස් දැක්වූ ජර්මානු නියෝජ්‍ය චාන්සලර්වරයා පැවසුවේ ජී එස් පී ප්ලස් සහනය යළි ලබාගැනීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබාදෙන බවයි.

ශ්‍රී ලංකාවේ සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසු රට යළි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට අවතීර්ණ වී ඇති බවද ඔහු මෙහිදී සදහන් කළා.