Friday, May 17, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවෙන් දෙන වාහන බලපත්‍රය ‘විකුණුවේ නැත්තේ’ මේ තිදෙනා පමණයි



තීරු බදු රහිත වාහන ගෙන්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන වාහන බලපත්‍රය විකුණා නැත්තේ අතුකෝරළ පවුල සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පමණක් බව ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ ඇගේ නමින් හම්බන්තොට වරායට ගෙන්වා ඇති වාහනය පිළිබඳව කළ කරුණු විමසීමකදී යි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන වාහන බලපත්‍රය අනුව එම වාහනය ගෙන්වා ඇති බවත් තමන් බලපත්‍රය විකුණා මුදල් හම්බ නොකරන බවත් ඇය සඳහන් කළා.

කතානායක කරූ ජයසූරිය මහතා ද කිසිදා වාහන බලපත්‍රය විකුණා නැති බවත් ඔහු වාහන බලපත්‍රය මගින් වාහන ලබා නොගෙන ඇති බවත් ඇමතිවරිය පවසනවා.