Sunday, September 8, 2024

General line - 0115112241

බීඩි සහ සුරුට්ටු පැකට්වලට වෙන්න යනදේ මෙන්න




දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද සටන් කරන ආකාරයටම බීඩි සහ සුරුට්ටු ඇසුරුම්වල ද රූපමය අවවාද ඇතුළත් කිරීමට අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළේ බීඩි සඳහා ද බදු පැනවීමක් සිදු කර ඇති බවයි.

එමෙන්ම බීඩි කොළ ආනයනයේ දී අය කරන සෙස් බද්ද රුපියල් දෙදහසේ සිට තුන්දහස දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙමගින් බලාපොරොත්තු වන්නේ දුම්වැටිවලට අමතරව විකල්ප නිෂ්පාදනවලින් ද ජනතාව බේරා ගැනීම බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

දුම්වැටි ඇසුරුම්වලට රූපමය අවවාද ඇතුළත් කර තිබෙනවා. එහෙත් බීඩි හෝ සුරුට්ටු ඇසුරුම්වලට එවැනි රූපමය අවවාද ඇතුළත් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මේ වනවිට අවශ්‍ය පියවර අනුගමනය කරමින් සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල වැඩිදුරටත් කියා සිටියේ.