Friday, May 17, 2024

General line - 0115112241

ඡායා කැබිනට් මණ්ඩලය ආවේ අකුරු වැරදීමකින් – කැබිනට් මණ්ඩලයම අහෝසියි



ඒකාබද්ධ විපක්ෂය ඡායා කැබිනට් මණ්ඩලය නම් කර ඇත්තේ වචන වැරදීමකින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

වෙන්නප්පුව සිරිගම්පල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සංවිධානය කර තිබූ ආශිර්වාද පිංකමෙන් අනතුරුව පැවති ජනහමුවට සහභාගීවෙමින් හෙතෙම සඳහන් කළේ අගමැති ඉවත්වන විට කැබිනට් මණ්ඩලයම ඉවත්වන බැවින් දැන් ඡායා කැබිනට් මණ්ඩලයක් නොමැති බව යි.

“ආණ්ඩුව වෙස්මිනිස්ටර් ක්‍රමයකට යන්න ලෑස්ති වෙන නිසා තමයි අපිත් ඒකට සූදානම් වුණේ. කොහොම වුණත් මේක අපේ ප්‍රතිපත්තියකුත් නෙමෙයිනේ. ඒකාබද්ධ විපක්ෂය ඡායා කැබිනට් මණ්ඩලය කියල නම් කරලා තියෙන්නේ පොඩි වචන වැරදීමකින්. අපි හැදුවේ දැන් තිබෙන අමාත්‍යාංශ අධීක්ෂණය කරන්න පමණයි. එනිසයි අපි ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ව ඒසඳහා නම්කළේ. අනෙක අපි ආණ්ඩුවක් හදනකොට අපි ඇමතිවරු පනස්ගණන්,හැත්තෑගණන් එකසියගණන් පත් කරන්නේ නැහැ.

ඒවගේම අපේ කැබිනට් මණ්ඩලයක ඇමතිවරු පත්කරද්දි අත්දැකීම්බහුල පරිණත අයව තමා කැබිනට් එකට අපිදාන්නේ. කොහොමත් අගමැතිතුමා අයින්වෙද්දි කැබිනට්එකම අයින් වෙනවනේ.ඒ නිසයි මම ඡායා අගමැතිකම අවශ්‍ය නෑ කීවේ. දැන් කැබිනට් එකකුත් නෑනේ.එතකොට තිබෙන්නේ අධීක්ෂණ තනතුරු පමණයි”යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළා.