Friday, May 17, 2024

General line - 0115112241

යුරෝ පාපන්දු ශූරයින් තෝරන දා පොලිසිය සීරුවෙන්



2016 යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කිරීමට ප‍්‍රංශ පොලිසිය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අනියුක්ත කිරීමට අපේක්ෂිත පොලිස් නිළධාරීන් සංඛ්‍යාව පන්දහසක්. පැරිස් නගරය මෙන්ම තවත් ප‍්‍රධාන ස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් ආරක්ෂාව දැඩි කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

අවසන් මහා තරගය පැවැත්වෙන ක‍්‍රීඩාංගණය තුලද ආරක්ෂාව දැඩි කරනු ඇති. යූරෝ කුසලානයේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ප‍්‍රංශය සහ පෘතුගාලය අතරයි.

_90342854_2c87e3df-483e-4383-b2ff-43e7ca0fdf31 5018 france-elite-squad Stade-de-France-security