Friday, May 17, 2024

General line - 0115112241

විදුලි බලයෙන් ක්‍රියාත්මක නවතම ගුවන් යානයක්(PHOTOS)



විදුලිබලයෙන් ක්‍රියාත්මක වන X – 57 හෙවත් ‘මැක්ස්වෙල්’ ගුවන්යානය හඳුන්වාදීමට නාසා ආයතනය සමත්ව සිටිනවා.

ඉන් ගුවන් මගීන්ට සැලසෙන විශාල යහපතක් වන්නේ ගමනට ගතවන කාලය අඩු කර ගැනීමට හැකිවී තිබීමයි.

අඩු ඉන්ධන පරිභෝජනයේ වාසිය ලබාගැනීමට මෙම යානයෙන් හැකිවන බවයි පැවසෙන්නේ.

ගුවන්යානයේ පියාපත් 2 හි විදුලි මෝටර් 14ක් ස්ථාපිත කර ඇති අතර එමඟින් යානය ඉදිරියට පැදයාමට අවශ්‍ය ප්‍රචාලනය සපයන අතර මෙම තාක්ෂණය ‘මැක්ස්වෙල්’ යානය මගින් අත්හදා බැලීමට ද නියමිතයි.

මැක්ස්වෙල් යානය ගුවන්යානා නිෂ්පාදන කර්මාන්තයේ නව යුගයක් සඳහා පළමු පියවර තැබීම ලෙස සැලකිය හැකියැයි නාසා ආයතනයේ පරිපාලක චාල්ස් බෝල්ඩන් පවසා තිබෙනවා.