Sunday, September 8, 2024

General line - 0115112241

විපක්ෂයේ චෝදනාවලට එජාප මන්ත්‍රීවරයෙකුගෙන් පිළිතුරු




අයවැය සම්බන්ධයෙන් විපක්ෂ කණ්ඩායම් ඉදිරිපත් කරන චෝදනා කිහිපයකට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන බන්දුලාල් බණ්ඩාරිගොඩ අද (11) ප‍්‍රතිචාර දැක්වූවා. ඒ, ගාල්ලේ පැවති උත්සවයකදීයි.

“පුංචි මිනිස්සුන්ට පුංචි පුංචි හරි සහන දෙන්නත් මේ අයවැයෙන් සීනී ටිකේ , භූමිතෙල් ටිකේ , මිළ අඩුකරලා පුංචි පුංචි සහන දෙන්න ගෑස් මිළ අඩුකරලා පියවර අරගෙන තියෙනවා. මම හිතනවා මීට වඩා එහා ගියපු දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ අප්පුච්චලා , බාප්පුච්චලා මේ රටට කරපු විනාසෙත් එක්ක , මේ රටේ කරපු මහා ධන පරිහානියත් එක්ක, රටේ භාණ්ඩාගාරයට කරපු දැවැන්ත හානියත් එක්ක. අවුරුද්දකින්, එකහමාරකින් දෙකකින් මීට වඩා මහා ලොකු වෙනසක් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මේ දේ කරන්නත් අපට අද ජාත්‍යන්තරය දිනාගත්තු විශ්වාසය හේතු වුණා. ජාත්‍යන්තරයෙන් අපට ලැබෙන සහයෝගය හේතුවුණා”.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද පවසන්නේ මීට පෙර ඉදිරිපත් වූ අයවැයවලට වඩා මෙවර අයවැය සාධනීය එකක් බවයි.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් අද පැවැත් වූ සම්මන්ත‍්‍රණයක දී මේ බව ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර අයවැය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට මුදල් අමාත්‍යංශය විසින් විශේෂ ඒකකයක් ආරම්භ කර තිබෙනවා.

දුරකතන අංක පහක් ද විවෘත කර තිබෙන බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

එම දුරකතන අංක පහතින් දැක්වේ

scan-01