Friday, October 18, 2024

General line - 0115112241

සමෘද්ධි, ජන ඉසුර කරන පුවත බොරුවක් බව එස්. බී. කියයි




අයවැය යෝජනාවකට අනුව සමෘද්ධි ව්‍යාපාරය ‘‘ ජන ඉසුර’’ ලෙස වෙනස් කරන බවට මාධ්‍යයන්හි පල වූ වාර්තා නිවරැදි නොවන බව අමාත්‍ය එස්. බී. දිසානායක පවසනවා.

‘‘ ජන ඉසුර’’ යනු සමෘද්ධි ව්‍යාපාරය යටතේ ක‍්‍රියාත්මක තවත් එක් වැඩසටහනක් බවයි ඔහු අවධාරණය කළේ.

සමෘද්ධි ව්‍යාපාරය ‘‘ ජන ඉසුර’’ ලෙස වෙනස් කරන බවට වැරදි අදහසක් ජනගත වූයේ අයවැය ඉදිරිපත් කිරීමේ දී අදාළ කරුණු නිවරැදිව සන්නිවේදනය නොවීමෙන් බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.