Friday, October 18, 2024

General line - 0115112241

පූජ්‍ය හුණුපොලගම වජිර ශ‍්‍රී හිමියන්ට උපහාර පිදීමේ උත්සවයක්




පිටකෝට්ටේ වජිර ශ‍්‍රී ළමා නිවාසයට වසර 30 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි නිර්මාතෘ පූජ්‍ය හුණුපොලගම වජිර ශ‍්‍රී හිමියන්ට උපහාර පිදීමේ උත්සවයක් අද (11) පැවැත්වුණා.

වජිර ශ‍්‍රී ළමා මධ්‍යස්ථානයේ සභාපති රෝයි මහකුමාරගේ එහිදී කියා සිටියේ අවතැන් වී සිටි ළමයින් දහස් ගණනකට මෙම ළමා නිවාසය හරහා යහපත් ජීවිතයක් ලබාදුන් බවයි.

“මෙම ස්ථානයේ අවුරුදු 33ක් තිස්සේ අවතැන් වූ ළමයි ගෙනත් දැනට 5500ක් පමණ අපි සමාජ ගත කොට තිබෙනවා. එමෙන්ම තවත් ළමුන් විශාල ප්‍රමාණයක් අප සමග මේ අවස්ථාවේ රැඳී සිටිනවා. ඒ සියළුම ළමයිනුත් අපි උගන්වා සමාජයට ඉදිරිපත් කිරීමට බළාපොරොත්තු වෙනවා”.

පාඨලී චමිපික රණවක සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අමාත්‍යවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.