Sunday, September 8, 2024

General line - 0115112241

නෙත් කඨින මහා පිංකම තුන්වන වරටත්




නෙත් එෆ්. එම්. රේඩියෝව සමග එක්ව පිං රැස් කර ගැනීමේ තවත් අවස්ථාවක් සැදැහැවතුන්ට හෙට (12) උදා වනවා. ඒ, ගම්පහ මිරිස්වත්ත ශ‍්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ කඨින මහා පිංකමේ දී.

නෙත් එෆ්. එම්. රේඩියෝව මෙවර මෙම පිංකම සංවිධාන කරන්නේ අඛණ්ඩව තුන්වන වරටයි.

කඨින චීවරය සැකසීම සඳහා යොදා ගැනෙන කඨින දුස්සය රැගත් කඨින පෙරහැර හෙට අලුයම පහට ආරම්භ වනවා. ඒ, මිරිස්වත්ත හන්දියෙන්.

විහාරස්ථානයට පැමිණීමෙන් පසු මෙම කඨින දුස්සය මහා සංඝරත්නය වෙත භාරදෙන අතර අනතුරුව මහා සංඝරත්නය විසින් මසා පඬු පොවා එය චීවරයක් බවට පත් කරනවා.

කඨින චීවරය මහා සංඝරත්නය විසින් සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පවරනු ලබන්නේ හෙට රාත‍්‍රියේදීයි. මෙම විනය කර්ම හෙට රාත‍්‍රී 7 සිට නෙත් එෆ්.එම්. රේඩියෝව ඔස්සේ සජීව ලෙස ප‍්‍රචාරය කෙරෙනවා.

හෙට රාත‍්‍රී 8 සිට 9 දක්වා කඨිනානිශංස ධර්ම දේශනය සිදු කිරීමට නියමිතයි. පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් මෙම ධර්ම දේශනය සිදු කරනු ලබනවා. රාත‍්‍රී 10 ට දම්සක් පැවතුම් සුත‍්‍රය දේශනා කිරීමට නියමිතයි.