Sunday, September 8, 2024

General line - 0115112241

ලෝක ශූරතා කැරම් බලාපොරොත්තු බිඳ වැටෙයි – නිශාන්තට අසාධාරණයක්




කැරම් ලෝක ශූරතා තරගාවලියේ පිරිමි කේවළ ඉසව්ව පිළිබඳ ශ‍්‍රී ලංකාව තැබූ බලාපොරොත්තු අද (11) පස්වරුවේ බිඳ වැටුණා. ඒ, අවසන් පූර්ව වටයේ දී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ක‍්‍රීඩකයින් තිදෙනා පරාජය වීමත් සමගයි.

චමිල් කුරේ මෙහි දී ඉන්දීය ක‍්‍රීඩකයෙකු හමුවේ පරාජයට පත් වුණා. නිශාන්ත ප‍්‍රනාන්දුට සහ ශෙරිෆ් ඩීන්ට ද අර්ධ අවසන් පූර්ව වටයේ දී අත්වූයේ පරාජයන්. තමන් සහභාගී වූ තරගයේදී අසාධාරණයක් වූ නිශාන්ත ප්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියා සිටියා. ඒ පිළිබඳ අභියාචනයක්ද ඉදිරිපත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කාන්තා කේවළ තරගාවලියේ අවසන් පූර්ව වටයට එක් වූ චලනි ලක්මාලි ලියනගේ තැබූ බලාපොරොත්තු ද බිඳ වැටුණා. ඉන්දීය ක‍්‍රීඩිකාවක් සමගින් තරග වැදුනු ඇයට ද අවසන් පූර්ව වටයේ දී හිමි වූ පරාජයක්.

හත්වන වරට පැවැත්වෙන කැරම් ලෝක ශූරතා තරගාවලිය මෙවර එංගලන්තයේ බර්මින්හැම්හි දී පැවැත්වෙනවා.

15049591_10211257815907513_2063266898_n