Friday, April 19, 2024

General line - 0115112241

CRIB එකෙන් නම් ඉවත් කරන අයවැය යෝජනාවට ගල් සහ මල්




රුපියල් ලක්ෂ 05ට වඩා අඩු ණය සීමාවන්වලට යටත්ව බැංකු ණය හෝ වෙනත් මූළ්‍ය සේවා ලබාගෙන ඇති පුද්ගලයන්ගේ නම් ණය තොරතුරු කාර්යාංශය හෙවත් (CRIB) ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා පසුගිය අයවැයෙන් කළ යෝජනාව මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී පෙන්වා දුන්නේ ආර්ථීක ක්‍රියාකාරකම්වල යෙදීම අසාධාරණ ලෙස පාළනය නොකල යුතු බැවින් ණය සීමාව ලක්ෂ 05ක් දක්වා වූ ණයකරුවන්ගේ අදාළ ණය පිළිබඳ තොරතුරු ලබා නොදෙන ලෙස තමා ණය තොරතුරු කාර්යාංශයට නිර්දේශ කරන බවයි.

පහත දැක්වෙන්නේ මුදල් අමාත්‍යවරයා ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන් අයවැය කතාවේ අදාළ කොටසයි.

crib

ශ්‍රී ලංකාවේ ජීවත් වන ඕනෑම පුද්ගලයෙකු පිලිගත් මූල්‍ය සමාගමකින් ණයක් හෝ ණය පහසුකමක් ලබාගත් පසු මෙම ණය තොරතුරු කාර්යාංශයේ දත්තවලට සිය නම ඇතුළත් වනවා. අදාළ ණය මුදල හෝ මූල්‍ය පහසුකම ගෙවා අවසන්කරන තුරුම අදාළ පුද්ගලයාගේ නම CRIB එකෙහි සඳහන්ව තිබෙනවා. අදාළ ණය ලබාගත් පුද්ගලයාට එම පහසුකම වෙනුවෙන් ඇප කරුවන් වූ අයගේ නම්ද අදාළ ලේඛණයේ දැක්වෙනවා.

ඕනෑම පුද්ගලයෙකු පිළිගත් මූල්‍ය ආයතනයකින් ණය පහසුකමක් ලබා ගැනීමට අයදුම් කිරීමේදී අදාළ මූල්‍ය සමාගම විසින් මහ බැංකුව යටතේ ක්‍රියාත්මක ණය තොරතුරු කාර්යාංශයෙන් අදාළ පුද්ගලයාගේ ණය තොරතුරු ඉතිහාසය විමසනවා එවැනි අවස්ථාවක අදාළ පුද්ගලයාගේ නම හොඳින් මූල්‍ය කටයුතු සිදුකළ අයුරු නොදැක්වෙන වාර්තාවක් ණය තොරතුරු කාර්යාංශය විසින් ලැබුනහොත් (නියමිත දිනට වාරික නොගෙවීම , නියමිත කාලය තුළ ණය ගෙවා අවසන් නොකිරීම , ප්‍රමාද වී ණය ගෙවීමක් ආදී බොහෝ කරුණු නිසා) අදාළ මූළ්‍ය සමාගමට , ණය අයදුම්කරු වෙත ණය පහසුකම් ලබාදීමෙන් වැලකී සිටිය හැකියි.

එම නිසා රුපියල් ලක්ෂ 05කට වඩා අඩු සීමාවේ මුදලකට කෙනෙකුගේ නමක් ණය තොරතුරු කාර්යාංශයේ සටහන්ව තිබීමෙන් එම පුද්ගලයාගේ අනාගත මූල්‍ය කටයුතු සඳහා සිදුවන බාධාවන් අවම කිරීම සඳහා නව යෝජනාව ඉවහල් වන බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. නමුත් තවත් පිරිසක් ඊට විරෝධය පළ කරනවා. පහත ප්‍රවෘත්තියෙන් දැක්වෙන්නේ ලක්ෂ 05ට අඩු ණය CRIB එකෙහි සටහන් නොවීම රටට අහිතකර බවට මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ඩබ්ලිව්. ඒ විජේවර්ධන දැක්වූ අදහසක්.

සබැඳි පුවත්

ලක්ෂ 05ට අඩු ණය ‘ක්‍රිබ්’ නොයන යෝජනාව රටට අහිතකරයි ලු