පානදුර හා අවට ප්‍රදේශ රැසක අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ “පානදුර නිලංගගේ” සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත පානදුර, වලාන මංසන්ධියේ සිදුකල වැටලීමකදීයි.
සැකකරු සන්තකයේ තිබී ලක්ෂ හතකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52 ක් සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු තාවකාලිකව මහබෙල්ලන, තොටුපොළ පාරේ කුලී නිවසක පදිංචිව මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.