Friday, January 24, 2025

General line - 0115112241

විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට




මාවනැල්ල, වැලිගල්ල ප්‍රදේශයේ පොල් ඉඩමකදී විදුලි සැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ. 

සතුන් දඩයම් කිරීම සඳහා අදින ලද අනවසර විදුලි රැහැනක පැටලී ඔහු එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

අනවසර විදුලි රැහැන අදින ලද සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.