Saturday, April 27, 2024

General line - 0115112241

කුරුණෑගල වෙඩි තැබීමක්..! පොලිස් නිලධාරියෙක් මරුට




කුරුණෑගල නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් පරීක්‍ෂකවරයෙකු මියගොස් තිබෙනවා. වෙඩි ප‍්‍රහාරයට ලක් වූ තවත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.

අංක තහඩු නොමැති වාහනයක් පරීක්‍ෂාවට ගිය අවස්ථාවේදී මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවද එම කාර්යාලය පැවසුවා.