Saturday, April 27, 2024

General line - 0115112241

හිරෙන් ආ ගමන් හොරකමේ ගිය 03ක් ගිණි අවි සමග මාට්ටු (PHOTO)




වැලිගම, දෙනිපිටිය, කඬේවත්ත ප‍්‍රදේශයේදී යතුරු පැදියකින් ආයුධ සහිතව ගමන් කළ පුද්ගලයන් තිදෙනෙකු අද (16) අලූයම පොලීසිය මගින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වැලිගම පොලීසියට ලද තොරතුරක් මත හදිසි මාර්ග බාධක යොදා සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් සතුව තිබී රිවෝලර්වරයක්, ඊට යොදන ජීව උණ්ඩ 5 ක් සහ ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. සැකකරුවන් වලස්මුල්ල, මිද්දෙණිය සහ වැලිගම ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් බන්ධනාගාර ගතව සිට මීට සති දෙකකට පෙර නිදහස ලැබූ අය බවද පොලීසිය සදහන් කළා. සැකකරුවන් මාimageතර මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

02