Friday, March 29, 2024

General line - 0115112241

විශ්‍රාම ගොස් වසර දෙකකට පසු ස්ථාන මාරුවක්




විශ්‍රාම ගොස් වසර දෙකක් ගතවීමෙන් පසු දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කළ අනධ්‍යයන සේවකයෙකුට ස්ථාන මාරුවක් ලබාදීමේ පුවතක් වාර්තා වනවා.

මාකඳුර බැරගම ප්‍රදේශයේ පදිංචි ඔහු නමින් නන්දසේන හේවාපතිරණයි.

62 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා අනධ්‍යයන සේවකයෙකු ලෙස රාජකාරී කළ අයෙක්.

ඔහු පවසන්නේ තමාට ලැබුණු මෙම ස්ථාන මාරුවීමේ ලිපිය අදහාගත නොහැකි බවයි.

විශ්‍රාම ගිය පුද්ගලයෙකුට වසර දෙකකට පසු ස්ථාන මාරුවීමක් ලබාදුන්නේ මන්දැයි නෙත් නිවුස් දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක‍ෂ ජයතිස්ස බ්ලොක් ගෙන් විමසීමක් කළා.
ඔහු සඳහන් කළේ සිදුවූ වරද නිවැරදි කරන බවයි.

unnamed-1 unnamed-2