Saturday, April 27, 2024

General line - 0115112241

ව්‍යාපාරික වැඩමුළුව සාර්ථකව නිමවෙයි (UPDATE)




ධනාත්මක චින්තය තුළින් ව්‍යාපාරික ලොව ජය ගනිමු යන මැයෙන් නාවුල එක්සත් වෙළෙඳ සංගමය සංවිධාන කළ විශේෂ වැඩමුළුව අද (20) සාර්ථකව නිමාව දුටුවා.

නාවුල සංජීව උත්සව ශාලාවේදී පැවැත්වුණු මෙම වැඩමුළුවට රැස්ව සිටි ව්‍යාපාරිකයින් වෙනුවෙන් විශේෂ දේශන කිහිපයක්ද පැවැත්වුණා.

නෙත් එෆ්.එම්. ගුවන් විදුලියේ ප‍්‍රධාන විධායක නිලධාරී විසින් පවත්වන ලද විශේෂ දේශනයක්ද ඊට ඇතුළත්.

වැඩමුළුවෙන් පසුව ඊට එක් වූ ව්‍යාපාරිකයින් තමන් ලද අත්දැකීම් පිළිබඳ මෙලෙස විස්තර කළා.

මෙම වැඩමුළුව සඳහා මාධ්‍ය දායකත්වය නෙත් නිවුස්.


වැඩමුළුවට ව්‍යාපාරිකයින් විශාල පිරිසක් එක් වෙයි
Nov 20, 2016 @ 12:25

‘‘ධනාත්මක චින්තනය තුළින් ව්‍යාපාරික ලොව ජය ගනිමු’’ තේමාව යටතේ නාඋල එක්සත් වෙළඳ සංගමය සංවිධාන කරන විශේෂ වැඩමුළුව මේ වනවිට පැවැත්වෙනවා.

එහි සිටින‍ නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ මේ සඳහා ව්‍යාපාරිකයින් 200 ක් පමණ එක්ව සිටින බවයි. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ බාධක ජය ගන්නා ආකාරය, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නව අවස්ථා සොයා ගැනීම, ව්‍යාපාරිකයන් තුළ යහපත් ආකල්ප ඇති කිරීම ආදිය අරමුණු කරගනිමින් මේ වන විට දේශන කිහිපයක් පැවැති බවත් පැවසුවා.

නෙත් එෆ්.එම් ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය විසින් මෙහි ප්‍රධාන දේශනය සිදු කරනු ඇති.

01 15058546_10207176046869645_1767103662_n 15086823_10207176046949647_791202406_n 15086878_10207176047109651_1705802094_n 15128565_10207176046829644_946269507_n 15128579_10207176048469685_1854751264_n 15128589_10207176047069650_1362682293_n 15128794_10207176047029649_800387153_n 15134365_10207176046989648_254653585_n 15135531_10207176047509661_1728563822_n 15135700_10207176047349657_1223455571_n001


“ධනාත්මක චින්තනය තුළින් ව්‍යාපාරික ලොව ජය ගනිමු” වැඩමුළුව අද

(Nov 20, 2016 @ 07:20)

‘‘ධනාත්මක චින්තනය තුළින් ව්‍යාපාරික ලොව ජය ගනිමු’’ තේමාව යටතේ නාඋල එක්සත් වෙළඳ සංගමය සංවිධාන කරන විශේෂ වැඩමුළුව අද (20) පැවැත්වෙනවා.

ඒ, නාඋල සංජීව උත්සව ශාලාවේදීයි.

වැඩමුළුව ආරම්භ කෙරෙන්නේ පෙරවරු අටටයි. මෙම වැඩසටහන සංවිධාන කෙරෙන්නේ නෙත් නිවුස් මාධ්‍ය අනුග‍්‍රාහකත්වය යටතේයි.

 


“ධනාත්මක චින්තනය තුළින් ව්‍යාපාරික ලොව ජය ගනිමු” වැඩමුළුව හෙට

(Nov 19, 2016 @ 20:17)

‘‘ ධනාත්මක චින්තනය තුළින් ව්‍යාපාරික ලොව ජය ගනිමු ’’ තේමාව යටතේ නාඋල එක්සත් වෙළඳ සංගමය සංවිධාන කරන වැඩමුළුව සඳහා මේ වනවිටත් ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකු ලියාපදිංචි වී සිටිනවා.

නාඋල සංජීව උත්සව ශාලාවේ දී හෙට (20) උදෑසන 8.00ට මෙම වැඩමුළුව ආරම්භ වීමට නියමිතයි.

නාඋල එක්සත් වෙළඳ සංගමයේ සභාපති හසිත විජේතිලක ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.

මෙම වැඩමුළුව සඳහා මාධ්‍ය දායකත්වය නෙත් නිවුස්.