Wednesday, April 24, 2024

General line - 0115112241

විමල් කුමාරද කොස්තා අප අතරින් සමු ගනී



රංගන ශිල්පී විමල් කුමාරද කොස්තා මහතා අද දහවල් කළුරිය කළා.

ඒ කළුබෝවිල රෝහලේදී.ඔහු ජිවතුන් අතරින් සමුගන්නා විට 68වන වියේ පසුවුණා.

1948 වසරේදී කැලණියේ උපන් විමල් කුමාර ද කොස්තා අධ්‍යාපනය ලැබුවේ කැලණියේ ගුරැකුලයෙනි.

අභිරෑපන රංග කලාවේ ඉතා විශිෂ්ටව යෙදුණු ඔහු  මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට පිවිසියේ ඒ ඔස්සේයි.

සුගතපාල ද සිල්වාගේ දුන්න දුනු ගමුවේ නාට්‍යයේ රඟපෑම උදෙසා 1973 රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය පවා දිනා ගැනීමට ඔහු  සමත් වුණා.

1969 දී ධර්මසේන පතිරාජයන්ගේ සතුරෝ සහ ඇන්ඩෲ ජයමාන්නයන්ගේ සිගරට් කොටය යන කෙටි චිත්‍රපටවල රඟපාමින් සිනමාවේ අත් පොත් තැබූ විමල් කුමාර ද කොස්තා ප්‍රථම වෘතාන්ත චිත්‍ර පටය ලෙස සිරිල් වික්‍රමයන්ගේ සිහින ලොවක් සිනමා පටයේ රඟ පෑවත් මුලින්ම තිරගත වූයේ ධර්මසේන පතිරාජයන්ගේ වෙස්ගත්තෝ චිත්‍රපටයයි. ඒ 1970 වසරේදීයි.