Thursday, April 25, 2024

General line - 0115112241

බන්දු ලෙස රඟ පෑ බිංදුට චෝදනා පත‍්‍රයක්




ප‍්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහගේ චරිතය අනුකරණය කරමින් රංගනයේ යෙදුණු බව කියන රංගන ශිල්පී බිංදු බෝතලේගමට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ චෝදනා පත‍්‍රයක් ගොනු කරනු ලැබුවා.

බිංදු බෝතලේගම රංගන ශිල්පියා ප‍්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහගේ චරිතය අනුකරණය කරමින් චිත‍්‍රපට කිහිපයක ර`ගපා ඇති බවටයි චෝදනාවට ලක්ව ඇත්තේ.

එමගින් බන්දු සමරසිංහ රංගන ශිල්පියාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝණය වී ඇති බවද අධිකරණය හමුවේ ප‍්‍රකාශ වුණා. සිද්ධියට අදාළ නඩුව ලබන වසරේ පෙබරවාරී මස 14 වන දින යළි කැඳවීමට නියමිතයි.

බිංදු බෝතලේගම රංගන ශිල්පියා යොදා ගනිමින් චිත‍්‍රපට නිෂ්පාදනය කළ නිෂ්පාදකයින් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට මීළග දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නොතීසි නිකුත් කෙරුණා.