Friday, April 26, 2024

General line - 0115112241

පොළොන්නරුවෙන් අධි බලැති පැති බෝම්බයක් හමුවෙයි (PHOTOS)




කුඹුරු ඉඩමක තුඹසක් තුළ තිබී කිලෝග්‍රැම් පහක පමණ බරින් යුත් අධිබල පැති බෝම්බයක් අද (21) පස්වරුවේ සොයා ගෙන තිබෙනවා.

පොළොන්නරුව පොලිසියේ විශේෂ කාර්යංශයේ නිළධාරින් මෙම බෝම්බය සොයා ගත්තේ මනම්පිටිය කෑගලු කොළණිය පුරාණ වැවට නුදුරු ස්ථානයකදීයි.

මෙම පැති බෝම්බය පසුගිය යුධ සමයේ ත්‍රස්තවාදීන් විසින් සගවා තබන්නට ඇති බවටයි මේ වන විට සැක කෙරෙන්නේ.

ඉකුත් යුධ සමයේ මහවැලි සංවර්ධන අමාත්‍යවරයාව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට සැලසුම් කල මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙක් සයනයිඩ් කා සියදිවි නසා ගත් අතර එම කොටි ත්‍රස්තයා විසින් අධි බල පැති බෝම්බ දෙකක් ද ‍රැගෙනවිත් තිබුණා.

ඉන් එක පැති බෝම්බයක් එකළ බුද්ධි තොරතුරු මත  නිළධාරින් විසින්ම සොයාගත් බවත් අනෙක් පැති බෝම්බය තිබෙන ස්ථානය සයනයිඩ් කා මියගිය කොටි සාමාජිකයා පමණක් දැන සිටි බවයි පොලිසිය පැවසුවේ.

p1260516 p1260527 p1260530 p1260534 p1260539 p1260541