Friday, September 20, 2024

General line - 0115112241

වැරදි 7ක දඩ මුදල් වැඩි කිරීම ගැන බස් සංගම් තීරණාත්මක සාකච්ඡාවක




රථවාහන වැරදි 7ක් සම්බන්ධයෙන් වන දඩ මුදල රුපියල් විසි පන්දහස දක්වා වැඩි කිරීමට රජය ගත් තීරණයට එරෙහිව ගත යුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බස් සංගම් කිහිපයක් අද (22) කොළඹදී රැස්වනවා.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සහභාගි නොවන බවයි වාර්තා වන්නේ.

රථවාහන වැරදි 7ක් සම්බන්ධයෙන් වන අවම දඩ මුදල රුපියල් විසි පන්දහස දක්වා වැඩි කිරීමට රජය ඊයේ (21) තීරණය කළා. ඒ, මුදල් අමාත්‍යවරයා සහ ප‍්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අතර පැවති සාකච්ඡාවකින් පසුවයි.

ඊයේ පැවති එම සාකච්ඡාවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද සහභාගි වී සිටියා.

මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් තම සංගමය එම තීරණයට එකඟතාව පළ කළ බවයි ගැමුණු විජේරත්න සඳහන් කළේ.

මෙම දඩ මුදල් වැඩි කිරීමේ තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ද විමසීමක් කළා.

“මට නම් මේ පක්ෂ පාට බේද වැඩක් නැහැ. අපි මේ ත්‍රීවිල් වෘත්තියෙන් එදා වේල හම්බකරන් කන මිනිස්සු. සල්ලි තියෙන අය ලීටර් 50-60 ගහනවා, ඒ අයට ප්‍රශ්ණයක් නැහැ. අපි මේ අමාරුවෙන් සොච්චමක් හොයාගෙන පැට්‍රල් ටික ගහ ගන්නේ, එදා වේල හම්බකරගන්නේ හරි අමාරුවෙන්. 500යේ දඩය ගෙවන්නේ අමාරුවෙන් ඉතිං කොහොමද 2500ක් ගෙවන්නේ අවම දඩය. 15000යි, 20000යි ඕවා හොඳයි අමෙරිකාවට, ඕස්ට්‍රේලියාවට ,එංගලන්තයට , සිංගප්පූරුවට ඔය දඩ ක්‍රමය හොඳයි. ලංකාව වගේ දුපපත් රටකට , දුප්පත්කම නගාසිටවන්නේ නැතුව ඔයවගේ දඩ ගහන එක හරිද. ඇත්ත වශයෙන්ම හෙට ඡන්දයක් තිබුනොත් අනිවාර්යෙන්ම පරද්දන එක පරද්දන වම තමයි”.

ඔවුන් ප‍්‍රතිචාර දැක්වූ හඬපටය පහතින් දැක්වේ.