Friday, May 17, 2024

General line - 0115112241

සනී ගැන පුවතකින් බොලිවුඩය කැළඹෙයි!!



 

සුරූපි සනී ලියෝන් ගායිකාවක් වීමට යන සූදානමක් ගැන පුවතක් පසුගිය දා බොලිවුඩය පුරා කතා බහට ලක් වුණා.

මාධ්‍ය වාර්තා දක්වා තිබුණේ ඉදිරියේ දී තිරගත වීමට නියමිත චිත්‍රපටයක් සඳහා ඇය මෙසේ ගායනයෙන් දායක වී ඇති බවයි.

ගීතයක් පටිගත කරන අයුරු දැක්වෙන, ඇය ඇගේ ට්විටර් ගිණුමේ පලකල ඡයාරූපයක් මෙම පුවත නිර්මාණය වීමට හේතු වෙලා තිබුණා.

කොහොම වුණත් සනී මෙම පුවත ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉදිරියේ දී ඇය සහභාගී වීමට නියමිත උත්සවයක් සඳහා, ඇයට සැබෑවටම ගායනා කිරීමට සිදුව ඇති බවත් ඒ සඳහා මෙසේ ගායනා කිරීමට පුරුදු පුහුණු වූ බවත් ඇය පවසා තිබෙනවා.

345353