Friday, September 20, 2024

General line - 0115112241

හැඳුනුම්පත් කාර්යාලයේ මහ වංචාව ගැන ඇමති කට අරී




පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන ටෙන්ඩර් අක්‍රමිකතාව සම්බන්ධයෙන් සොයා බලන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න පවසනවා.

දැනට භාවිත හැඳුනුම්පත වෙනුවට අලූතින් හඳුන්වා දීමට යෝජිත විද්‍යුත් හැඳුනුම්පතට ඡායාරූප ලබාගැනීම සඳහා මෙම ටෙන්ඩරය කැඳවා ඇති බවටයි පැවසෙන්නේ.

එහිදී එක් විද්‍යුත් හැඳුනුම්පතක් වෙනුවෙන් රුපියල් 40 බැගින් වන පරිදි ටෙන්ඩරයක් ඉදිරිපත් වී ඇතත් එය නොසලකා රුපියල් 80 බැගින් සඳහන් ටෙන්ඩරයක් අනුමත කරන ලෙස දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයි ද සඳහන්.

කෙසේ වෙතත් කැෆේ සංවිධානය ඊයේ අනාවරණ කළේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාර මෙම අක්‍රමිකතාවට විරෝධය පළ කිරීම හේතුවෙන් ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමට පියවර ගෙන ඇති බවයි.