Friday, September 20, 2024

General line - 0115112241

ජනතාව මරන්න අවසර ඉල්ලා බස් වර්ජනයකට යන්න බෑ




දෙසැම්බර් පළමුවනදා සිට ක්‍රියාත්මක කරන බව පැවසෙන බස් වර්ජනයට තම සංගමය සම්බන්ධ නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

දඩ පත්‍රකාවේ දඩ 33ක් ඉවත් කර ගැනීමට තමන්ට හැකි වූ බවද ඔහු පැවසීය.

එහිදී ජනතාව මරණයට පත්කළ හැකි වැරදි 6ක් තිබෙන බවත් එ්වා පදිකයින්ට අනතුරුදායක බවද සඳහන් කළේය.

වගකිව යුතු සංවිධානයක් ලෙස  ජනතාව මරන්න අවසර ඉල්ලා බස් වර්ජනයකට යාමට තම සංගමයට නොහැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ලබන පළමුවනදා සිට බස් වර්ජනය කරන බව බස් සංගම් කිහිපයක් ඊයේ (24) ප්‍රකාශ කළේය.