Friday, September 20, 2024

General line - 0115112241

මහවිරු දිනය සමරා යාපනය සරසවියේ පෝස්ටර් (PHOTOS)




මහවිරු දිනය සමරමින් යාපනය විශ්ව විද්‍යාලයේ පෝසටර් අලවා තිඛෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඊයේ රාත්‍රියේ විශ්ව විද්‍යාල භූමියේ ස්ථාන කිහිපයක පෝස්ටර් අලවා තිබූ බවයි.

ප්‍රභාකරන්ගේ උපන්දිනයට සුභ පතමින් සහ මහවිරුවන් සමරමු යන්නෙන් අදාළ පොස්ටර් වල සඳහන්ව තිබූ බවයි වාර්තාවන්නේ..ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26දාට යෙදී තිබෙනවා.

මේ අතර කිලිනොච්චිය මාවීර් ප්‍රදේශයේ ද මහවිරු දිනය සමරමින් විශේෂ සැමරුම් සංවිධාන වෙමින ඇතැයි වාර්තා වනවා.

යුද සමයේ මියගිය එල්.ටී. ටී. ඊ. සාමාජිකයින් භූමදානය කර ඇති ස්ථානයක මෙම කටයුතු සිදු කිරීමට සූදානම් වන බවටයි වාර්තා වන්නේ.

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003 image-www-nethnews-lk00004 image-www-nethnews-lk00005