Friday, May 17, 2024

General line - 0115112241

බන්ධනාගාර නිළධාරියාගේ දිවි බේරන්න සිරකරුවන් සිරකුටි කඩා එළියට පැනලා – සිසිටීවි කැමරාවේ සටහන් වෙයි!



 

සිරකරුවන් පිරිසක් එකතු වී බන්ධනාගාර නිළධාරිවරයෙකුගේ ජීවිතයක් බේරාගත් පුවතක් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

සිරකරුවන් 8දෙනෙකු මාංචු දමා සිරගත කල, තාවකාලික සිර කුටියක් අසළ රාජකාරි කල බන්ධනාගාර නිළධරිවරයෙකුට හදිස්සියේ හෘදයාබාධයක් වැළඳී තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ මෙම සිරකරුවන් තම සිරකුටිය ද කඩාගෙන විත් බන්ධනාගාර නිළධාරිවරයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා උදව් ඉල්ලා කෑගසා තිබෙනවා.

පසුව උදව්වට පිරිස් පැමිණ ඇති අතර හෘදයාබාධයට ලක් වූ නිළධාරිවරයා වහාම රෝහල් ගත කර තිබෙනවා.

සිරකරුවන්ගේ ඉක්මන් ප්‍රතිචාරය නිසා නිළධාරිවරයාගේ දිවි බේරාගත හැකිවූ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.