Friday, September 20, 2024

General line - 0115112241

වමෙන් ඉස්සර කිරීමේ දඩය ගැන රජය යළිත් හැරී බලයි




වමෙන් ඉස්සර කිරීමේ වරදට පැනවූ රුපියල් විසි පන්දහසක දඩ මුදල සංශෝධනය කළ හැකි දැයි රජයේ අවධානය යොමුව තිබෙනවා.

මෙම කරුණු අනාවරණ වුයේ ති‍්‍රරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ඊයේ (26) පස්වරුවේ පැවති විශේෂ රැස්වීමකදීයි.

එය පැවැත්වුණේ මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ප‍්‍රධානත්වයෙන්. එහිදී ති‍්‍රරෝද රථ රියදුරන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ වමෙන් ඉස්සර කිරීම සඳහා වන දඩ මුදල සංශෝධනය කරන ලෙසටයි.

ඒ පිළිබද ලබන සතියේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා එහිදී පැවසුවා.

තී‍්‍රරෝද රථ බදු වැඩි කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. රජය මෙම තීරණයන් ගෙන ඇත්තේ යහපත් චේතනාවෙන් බවයි එහිදී ඔහු පැවසුවේ. මෙම තීරණ ගෙන ඇත්තේ තිබෙන ත්‍රීරෝද රථ අධෛර්යමත් කිරීමට නොවන බවත් අලුතින් පැමි‍ණෙන ත්‍රීරෝද රථ යම් පාලනයකට නතු විය යුතු බවත් සැළකිල්ලට ගෙන බවත් සඳහන් කෙරුණා.

වමෙන් ඉස්සර කිරීම ඇතුළු වැරදි 7 ක් සම්බන්ධයෙන් පනවන දඩ මුදල රුපියල් විසි පන්දහස දක්වා වැඩි කිරීමටයි ඉකුත්දා තීරණය කෙරුණේ.