Friday, September 20, 2024

General line - 0115112241

ජනතාව තැබූ බලාපොරොත්තු බිඳ වැටී නැහැ




රටේ පොදු මහජනතාව වත්මන් රජය පිළිබද තැබූ බලාපොරොත්තු බිද වැටී නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

දෝෂාරෝපණ චෝදනා සහ විවේචන කෙතරම් එල්ල වුවද රජය පිළිබද තැබූ විශ්වාසය එලෙසින්ම පවතින බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එම විශ්වාසය තුළ රට ඉදිරියට ගෙන යාමට රජයක් ලෙස වගකීම් ඉටුකරන බවද ජනාධිපතිවරයා සදහන් කළා. ඒ, පානදුර නගරයේ ඊයේ (26) පස්වරුවේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින්.

මේ අතර ගාල්ලේ ඊයේ (26) පැවති උත්සවයකදී ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අනාගතය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී හෙතෙම සඳහන් කළේ ඉකුත් වසරක කාලය තුළ දෙවරක් පරාජයට පත්වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ජයග‍්‍රාහී මාවතට රැගෙන යන බවයි.

පරාජයන් අතීතයේද සිදුවූ බවත් ඒ ඔස්සේ පක්‍ෂය ජයග‍්‍රහණය කළ බවත් අනාගතයේදීද එය සිදුවන බවත් මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.