Friday, September 20, 2024

General line - 0115112241

බන්ධනාගාර තනතුරුවල වෙනසක්




බන්ධනාගාර නියාමක තනතුරට තේරීපත් වූ අය සඳහා ගිවිසුම් අත්සන් කිරීම අත්හිටුවීමට අමාත්‍යාංශය ගත් තීරණයත් සමග බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු කිහිපයක වෙනස්කම් සිදුකර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ නෙත් නිවුස් වෙත කියාසිටියේ සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබාදුන් බවයි.

ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් පාලන තනතුරේ රාජකාරී කළ වෙනුර ගුණවර්ධන, වැඩබලන අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස පත්කර තිබෙනවා.

පාලන අංශයේ සේවය කළ බන්ධනාගාර අධිකාරි එමිල් රන්ජන්, බන්ධනාගාර කොමසාරිස් – කර්මාන්ත තනතුරට උසස් කෙරුණා.

මෙහෙයුම් හා මාධ්‍ය ප‍්‍රකාශක ලෙස රාජකාරී කළ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පාලන හා මාධ්‍ය ප‍්‍රකාශක ලෙස පත්කර තිබෙනවා.

මීට අමතරව බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් තනතුරට තිස්ස ජයසිංහ සහ බන්ධනාගාර කොමසාරිස් සැපයුම් ලෙස ගාමිණි ජයසිංහ ද පත්කිරීමටයි පියවර ගෙන ඇත්තේ.