Friday, September 20, 2024

General line - 0115112241

යුද හමුදා කඳවුරක් ඉදිරිපිට මහවිරු සැමරුමක් (PHOTOS)




යාපනය කෝපායි ප‍්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක් ඉදිරිපිට මාර්ගයේ අද (27) මහවිරු සැමරුමක් සිදුකෙරුණා.

ඒ, දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ෂිවාජිලිංගම්ගේ ප‍්‍රධානත්වයෙන්. එහිදී මන්ත‍්‍රීවරයා පැවසුවේ මහවිරු සතියේ අවසන් දින සැමරුම එය වන බවයි.

කෝපායි මහවිරු කනත්ත සමතලා කොට ඉදිකළ යුද හමුදා කඳවුර ඉදිරිපිට මාර්ගය ඒ සඳහා තෝරාගත් බව ඔහු කියා සිටියා.

යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහි කිරීමට උතුරේ ජනතාවට අයිතියක් පවතිනවා. එහෙයින් ඊට බාධා කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

kopai-www-nethnews-lk001 kopai-www-nethnews-lk002 kopai-www-nethnews-lk004 kopai-www-nethnews-lk006

මේ අතර යාපනය නල්ලූර් කෝවිල ආසන්නයේදී ද අද මහවිරු සැමරුමක් පැවැත්වුණා.

එහිදී මියගිය එල්.ටී.ටී.ඊ. නායකයින්ගේ ඡායාරූපවලට මල්මාලා පලඳවා පහන් දල්වා සැමරුම් සිදුකෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම අවස්ථාවට උතුරු පළාත් සභා මන්ත‍්‍රී ආනන්දි ශෂීදරන් ද එක්ව සිටියා.