Friday, September 20, 2024

General line - 0115112241

බුදුදහම වෙනුවෙන් වගකීම් ඉටුකරන බව ජනපති කියයි




සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරමින් පෝෂණය කිරීමට ව්‍යවස්ථානුකූලව කටයුතු කරනවා සේම බෞද්ධයෙකු ලෙස පැවරුණු සියලු වගකීම් වෙනුවෙන් ද පෙනී සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන්ගේ 95වන ජන්ම දින සැමරුම වෙනුවෙන් මැණික්හින්න ශ‍්‍රී විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ පැවති පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ජනාධිපතිවරයා එහිදී දැක්වූ අදහස් පහතින් දැක්වේ

“රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ මූලික වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිඛිතව තිබෙන ව්‍යවස්ථාපිත කාරණය ගරු කරමින් එයට අපේ වගකීම් සහ යුතුකම් ඉටුකරනවා වගේම ඉන් බාහිරව අපි බෞද්ධයින් විදිහට , මේ රටේ පුරවැසියන් විදිහට ඊට එහා ගිය අපේ වගකීමක් සහ යුතුකමක් තිබෙනවා ශාසනික සේවාව , බෞද්ධ දර්ශණය පෝෂණය කිරීම , සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපක්තිය තුළ අපි සැමවිටම කටයුතු කිරීම”.