Friday, September 20, 2024

General line - 0115112241

සේවා විශ‍්‍රාම වැටුප ගැන ආබාධිත රණවිරුවන් යළි සැකයෙන්




ආබාධිත රණවිරුවන්ගේ සේවා විශ‍්‍රාම වැටුප ලබාදීමට මෙවර අයවැයෙන් මුදල් වෙන්කර නොමැති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා.

එහි කැඳවුම්කරු විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න පැවසුවේ දීමනාවක් සම්බන්ධයෙන් පමණක් කරුණු දැක්වීමක් සිදුකර ඇති බවයි.

සේවා විශ‍්‍රාම වැටුප ලබාගැනීම සඳහා ආබාධිත රණවිරුවන් දින ගණනාවක් කොළඹ කොටුව දුම්රිය පොල ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවේ නිරත වුණා.

ඒ සම්බන්ධයෙන් විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මෙලෙස අදහස් දැක්වුවා.

“පසුගිය දින කිහිපයේ අපේ රට වෙනුවෙන් තමන් ජීවත්ව සිටියදීම තමන්ගේ ශරීරාංග මහපොලොවට පස්කළ අබාධිත විශාමික රණවිරුවෝ තුන්දහසකට අදාළ යුද , නාවික , ගුවන් , පොලිස් , සිවිල් ආරක්ෂක බළකායේ මේ රණවිරුවන්ගේ ගැටළුව සම්බන්ධව රණවිරුවෝ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝසණයක් , උපවාසයක් පැවැත්වුවා. පසුව එය මාරාන්තික උපවාසයක් දක්වා දීර්ඝ වුණා. මේ අව්වට , වැස්සට වේලීලා , පිච්චිලා , තෙමිලා අරගලයක් කරලා 7 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝසණයක් කළා”.

සේවා විශ‍්‍රාම වැටුප සම්බන්ධයෙන් ලිඛිත පොරොන්දුවක් ලැබුණද ඊට අයවැයෙන් ප‍්‍රතිපාදන වෙන් නොකිරීම නිසා ඒ පිළිබද යළි සැකයක් මතුව ඇති බවයි ඔහු අවධාරණය කළේ.

“ශිරාල් ලක්තිලක ජනාධිපති උපදේශක නිතීඥ මහතා මේ කලබලය අස්සේ එළියට ඇවිල්ලා හයියෙන් කෑ ගහලා කියනවා මෙන්න ඔයගොල්ලන්ගේ ගැටළුව හරි මේ ආණ්ඩුව පොරොන්දු වෙනවා මේ රණවිරුවන්ට විශාල වැටුප දෙනවා පෙබරවාරියේ ඉඳලා. ඊට පස්සේ අපේ අය කියනවා නෑ ලිඛිතව ඕනේ. ඊට පස්සේ කියනවා ඔව් ලිඛිතව දෙන්නම් කියලා ටිකකින් ලියුමක් ඉදිරිපත් කරනවා. ඒ ලියුම අත්සන් කරලා තියෙන්නේ ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිතුමාගේ. එහිදී ඔහු කියනවා මෙවර අයවැයේ මුදල් ප්‍රතිපාදන වෙන්කොට 2016 පෙබරවාරි සිට මේ ආබාධිත විශාමික අවුරුදු 12කට අඩු සේවා කාලයක් සහිත රණවිරුවන් සේවි විශාම වැටුප ගෙවීමට කටයුතු කරනු ලැබේ කියලා ලිඛිතව දෙනවා . ඊට සතියකට පසු අයවැය එනවා. ඒ අයවැයේ මේ විශාම වැටුප් යෝජනාව නැහැ. ඒ වෙනුවට රණවිරු සුරැකීම් දීමනාව කියලා මිලියන ගණනාවක් වෙන්කරලා තියෙනවා දීමනාවකට”.